Thursday, October 24, 2013

ෂකිචි ටොයෝඩා

          මේ කතාව අවුරුදු 200 කට වඩා පැරනි කතාවක්. ඒ කියන්නේ එක්දහස් අටසිය ගනන්වල. සමහර විට මේ කතාව ඔබේ ජීවිතය වෙනස් කරාවි. කියවල බලන්න.

ජපානයේ කෙසායි ප්රාින්තයේ ෂිසොවුකා ගම්මානයේ දුප්පත් පවුලක ෂකිචි ටොයෝඩා උපත ලැබුවා. ෂකිචිගේ තාත්තා වඩු කාර්මිකයෙක්. තාත්තා උපයන මුදල ගෙදර වියදමටවත් මදි නිසා ෂකිචිගේ අම්මා රෙදි වියන රස්සාව කලා. ෂකිචි ටික ටික ලොකු වෙද්දි ගෙදර වියදම එන්න එන්නම වැඩි වුනා. මේ නිසා ෂකිචිගේ අම්මා ගොඩක් මහන්සිවෙලා රෙදි වියන්න පටන් ගත්තා. අම්මා රෙදිවියන්න දරන උත්සාහය වෙහෙස නිතරම ෂකිචිට දකින්න ලැබුනා. ඒ කාලේ දියුණු තාක්ෂණික උපකරන තිබුනේ නෑ. හැමදෙයක්ම අතින් තමයි සිද්ධවුනේ. ෂකිචිට අම්මා ගැන දුක හිතුනා. ෂකිචි කල්පනා කලා මීට වඩා ලේසි විදියට රෙදි වියන ක්රනමයක් හොයන්න. ෂකිචිගේ තාත්තා වඩුවෙක් නිසා ඒ කර්මාන්තයට අවශ්යේ උපකරන ගෙදර තිබුන. ඒ ගැන පොඩි දැණුමකුත් තිබුන නිසා ෂකිචි ඒ උපකරන අරන් ලී වලින් අලුත් මැෂිමක් හැදුව. මේක අතින් කරකවල ක්රි්යාත්මක කරන මැෂිමක්. කලින් එකට වඩා රෙදි වියන්න මේක ටිකක් පහසුවක් වුනා.
 එතනින් නොනැවතුනු ෂකිචි බලය යොදාගෙන මේක ක්රිශයාත්මක කරවන්නේ කොහොමද කියල කල්පනා කලා. ඒ කාලේ බලය ලබාගැනීම සඳහා පාවිච්චි කලේ වාශ්ප එන්ජිමක්. ෂකිචි පරන වාශ්ප එන්ජිමක් හොයා ගත්තා. ඒක තමන්ගේ මැෂිමට කොහොමද සම්භන්ධ කරන්නේ කියල කල්පනා කලා. අත්හදා බැලුව. ඒත් හැම උත්සාහයක්ම අසාර්තක වුනා. නමුත් තමන්ගේ උත්සාහය අතහැරියේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් විදියට ෂකිචි තමන්ගේ අම්මා වගේම රෙදි විවිමේ නිරතවී සිටි සියලු කාන්තාවන් ගේ දුක් ගැහැට නිමා කරමින් නව රෙදි විවිමේ යන්ත්‍රයක් ලෝකයට හදුන්වා දුන්නා. ඒ තුළින් රෙදි පිළි කර්මාන්තය අතින් ජපානය ලෝකයේ ඉදිරියට ගේන්න ෂකිචිට හැකි වුනා.
 ශකිචිට හිටියා පුතෙක් එයාගේ නම කිචිරෝ ටොයෝඩා. ෂකිචි එයාට හොද අධ්යාටපනයක් ලබා දුන්නා. එයා දැන් ලොකුයි. ෂකිචි තමන්ගේ පුතා කිචිරෝ එංගලන්තයට පිටත් කරා. ඒ තමන්ගේ රෙදි වියන යන්ත්රැයේ පේට්න් බලපත්රකය එංගලන්ත සමාගමකට විකුනන්න. ෂකිචි හිතුව විදියටම පේට්න් බලපත්රේය පවුම් ලක්ෂයකට විකුනන්න පුලුවන් වුනා. ඒ පවුම් ලක්ෂය තමන්ගේ පුතා කිචිරෝගේ අතට දිලා කිවුවා පුතා මේ සල්ලි වලින් ඔයා කාර් එකක් හදන්න ඔනි කියල. තමන්ගේ පවුලේ ව්යාමපාරයක් වුනු රෙදි විවිමේ කර්මාන්තය තමන්ගේ පුතාට බාර නොදි පුතාව උනන්දු කලේ මේ අලුත් ව්යානපාරය පටන් ගන්නා ලෙසයි. ඊට හේතුව ෂකිචි අනාගතය දැක්ක. අනාගතයේ රෙදි පිළි කර්මාන්තයට වඩා ඉදිරියට එන්නේ මෝටර් රථ කර්මාන්තය බව. ඒ නිසයි ෂකිචි පුතාට කාර් එකක් හදන්න කිවුවේ. ඔයත් මං වගේ සමාජයට වැඩදායි දෙයක් හදන්න. ඔනැම කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුළදී විශිෂ්ට ව්යා පෘතියක යෙදෙන්න ඔනය කියල ෂකිචි තමන්ගේ පුතාට කියල දුන්නා.
 ෂකිච් කිචිරෝව ටොකියෝවේ තියන ඉම්පීරියල් විශ්ව විද්යාඔලයට ඇතුලත් කලා. එහිදි කිචිරෝ යාන්ත්රිජක විද්යාිව පිළිබඳ ඉගෙන ගත්තා. තාත්තගේ අඩිපාරේ ගිය කිචිරෝ අන්තිමේදී මෝටර් රථයක් හැදුවා. ඒත් කිචිරෝගේ තාත්තා ෂකිචි ‍ඒ වෙනකොට ජීවතුන් අතර නෑ. නමුත් තාත්තගේ හීනය හැබෑ කරපු කිචිරෝ ඉස්සල්ලාම කලේ තමන් හදපු කාර් එකෙන් තමන්ගේ තාත්තාගේ සොහොන ලඟට ගිය එක. ඒ තමන් අද මේ තැනට ආවේ තතාත්තගේ මග පෙන්වීම නිසා ඒකට කළ ගුණ දක්වන්න. ස්තුති කරන්න. ජපානය මෝටර් රථ ක්ෂේත්රගයේ ප්ර මුඛයා බවට පත් කරන්න කිචිරෝ ටොයොඩා අඩිතාලම දැම්මේ ඒ විදියටයි.
 අද ඇමරිකන් මෝටර් රථ වෙළඳපලටත් අභියෝගයක් කරන්න මේ මෝටර් රථ සමත් වෙලා තියනව. කිචිරෝගේන් ආරම්භ වු මේ මෝටර් රථ හදුන් වන්නේ ටොයෝටා කියල. මේ තරම් සාර්ථක මෝටර් රථ සමාගමක් පිටිපස්සේ ඉන්නේ රෙදි වියපු අම්මා කෙනෙකුයි දුප්පත් වඩු කාර්මිකයකුයි කියල ටොයොටා වාහන වල යන අයවත් දන්නේ නෑ.
 ඔබ දෙමාපියෙක් වෙන්න පුලුවන්, නැත්නම් දරුවෙකුගේ භාර කාරයෙක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්තම් අම්මෙක් තාත්තෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔබට තමන්ගේ දරුවා ගැන ලොකු වගකීමක් තිබෙනව. දරුවගේ අනාගතය ගැන. ඒ දරුවට හොද අධ්යාුපනයක් ලබා දෙන්න. ඒ වගේම අනාගතය පිළිබඳ එක් අරමුණක් ඔස්සේ ඒ දරුවව යොමු කරන්න. එයාගේ බලාපොරොත්තු සිතුම් පැතුම් තේරුම් ගන්න. ඒකට අවශ්ය කරන පාර පෙන්න. මේ සමාජයේ වැදගත් විදියට කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන් විදියට පරිසරයක් නිර්මාණය කරල දෙන්න. එහෙම උනොත් කවදා හරි දවසක මේ වගේ තවත් කතාවක් පිටිපස්සේ ඔබේ නමත් ලියවී තිබෙවි.


සටහන,
එස්.ඒ.හර්ෂ සඳරුවන්
නැණසල - ගිරිඋල්ල

No comments:

Post a Comment